ජපානයේ නිරුවත් උත්සවය – කාන්තාවන් ප්‍රථම වතාවට සහභාගී වෙයි

ජපානයේ නිරුවත් උත්සවය – කාන්තාවන් ප්‍රථම වතාවට සහභාගී වෙයි

වසර 1250කට පමණ පසු ජපානයේ හඩකා මත්සුරි (Hadaka Matsuri) නොහොත් නිරුවත් උත්සවයට ජපානයේ කාන්තාවන් සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම ජපානයේ කොනොමියා පුදබිමේ වසර 1,250ක පමණ කාලයක සිට පවත්වන නිරුවත් උත්සවය මේ වසරේ කාන්තාවන් එක්වූ නිසා එයට වෙනස්කමක් එක් වූ බව සඳහන්.

ඒ අනුව පිරිමි අයගෙන් බැහැරව, කාන්තාවන් සහභාගී වූ පළමු හඩකා මත්සුරි උත්සවය මෙය බවට පත්වී තිබෙනවා.

මේ හේතුව නිසා එම උත්සවයට රැස්ව සිටි කාන්තාවන් ඉතිහාසගත වන බවද සඳහන්.

මෙතෙක් කාලයක් මේ උත්සවයට සහභාගී වන පිරිමින් වෙනුවෙන් කාන්තාවන් සැම විටම උත්සවයේ සහයෝගය දැක්වීමට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි පරම්පරා ගණනාවක් තිස්සේ කොනොමියා උත්සවයේ වැඩ කරන අට්සුකෝ තමකොෂි (Atsuko Tamakoshi) පෙන්වා දෙන්නේ.

නමුත් ඇත්ත වශයෙන්ම උත්සවයට සහභාගී වීමේ අදහස වන්නේ දේවස්ථානයේ යාඥා කිරීමට පෙර මිනිසුන් නපුරු ආත්මයන් පලවා හැරීමට උත්සාහ කිරීම බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම උත්සවයට සහභාගී වීමට කිසි විටෙකත් කිසිම කෙනෙකුට තහනමක් නොතිබුණු අතර කිසිවෙකු ඒ ගැන කිසි දිනක විමසා නොතිබීම කාන්තාවන් උත්සවයට මෙතෙක් සහභාගී නොවීමට හේතුවූ බව නෞරුහිටෝ ට්සුනොදා (Naruhito Tsunoda) පවසනවා.

උත්සවයේ නම නිරුවත් උත්සවය වුවත් කාන්තාවන් නිරුවත් නොවූ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් උත්සවයේ අනෙකුත් විශේෂ වූ අංග සියල්ලම එලෙසින්ම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This