ගෝඨාභය ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වත්මන් ජනපතිවරයා අඛණ්ඩව සිදුකරගෙන යනවා – ඇමති බන්දුල

ගෝඨාභය ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වත්මන් ජනපතිවරයා අඛණ්ඩව සිදුකරගෙන යනවා – ඇමති බන්දුල

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරනලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසිදු වෙනසක් නොමැතිව අඛණ්ඩව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරගෙන යන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අධිවේගී මාර්ගවල අදායම සහ එම ණය ගෙවීමට යන කාල පරාසය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකර තිබෙනවා.

තවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් ගිවිසුම තවම අත්සන් කර නොමැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිදු කළ දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීනය, ඉන්දියාව, ජපානය, පැරිස් සහය කණ්ඩායම වැනි රටවල් නිශ්චිත වැඩපිළිවෙළකට එකඟ වී තිබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

Share This