කොලරාව සඳහා පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එක් කළ නව මුඛ එන්නත

කොලරාව සඳහා පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එක් කළ නව මුඛ එන්නත

කොලරාව සඳහා නව මුඛ එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එකතුකොට තිබෙනවා.

එම එන්නත දැනට පවතින එන්නත් වලට සමාන කාර්යක්ෂමතාවයක් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ.

එන්නත් මගින් කොලරාව පැතිරීම වැලැක්වීම, සීමා කිරීම සහ පාලනය කිරීම සඳහා වේගවත්ම මැදිහත්වීම සපයන අතර සුරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව නොමැති රටවල් තුළ මෙම සැපයුම් අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටිනවා.

දැනට රටවල් 23 ක කොලරා රෝගීන් වාර්තා වන අතර 2022 වසරේදී රෝගීන් 473 000ක් වාර්තා වී තිබෙනවා.

2021 වසරේ සිට එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් 2023 වසර සඳහා බලපා ඇති අතර රෝගීන් 700 000 කින් තවදුරටත් වැඩිවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කොංගෝ, ඉතියෝපියාව, මොසැම්බික්, සෝමාලියාව, සැම්බියාව සහ සිම්බාබ්වේ වැනි රටවල් තුළ ප්‍රධාන වශයෙන් කොලරා රෝගීන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනාවරණය කර සිටිනවා.

 

Share This