කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

අද (19) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු.100 කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රු. 1,260ක් ලෙස අලෙවි වනවා.

සම රහිත කුකුළු මස් සඳහා රුපියල් 1,190 ක් ලෙස දැක්වෙන අතර කරි කුකුළු මස් රු. 990ක් ලෙස අලෙවි වන බවයි වාර්තා වන්නේ.

Share This