ඔයත් Google Incognito පාවිච්චි කරනවද? මෙන්න සතුට ඩබල් වෙන විදිහේ ආරංචියක්

ඔයත් Google Incognito පාවිච්චි කරනවද? මෙන්න සතුට ඩබල් වෙන විදිහේ ආරංචියක්

යෝජිත නීත්‍යානුකූල බේරුම්කරණයක නියමයන් යටතේ Incognito පහසුකම යටතේ ඇති බිලියන ගණනක් වාර්තා මකා දැමීමට Google සමාගම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම Incognito පරිශීලකයන්ගේ දත්ත ගබඩා කර ගැනීමේ බලය යම් සීමාවන්ට යටත් කිරීමට එම සමාගම එකඟ වී ඇති බව සඳහන්.

Incognito හරහා බ්‍රවුස් කරන විට පවා පරිශීලක දත්ත රැස් කිරීමෙන් තාක්ෂණික දැවැන්තයා ලෙස සැලකෙන Google සමාගම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි කරන බවට 2020 දී චෝදනා එල්ල වුණා.

එහිදී නඩුව ගොනුකළ පාර්ශ්වය විසින් ඩොලර් බිලියන 5 ක වන්දියක්ද ඉල්ලා තිබුණා.

ඒ අනුව දැනටමත් එම නඩුවට ප්‍රතිචාර වශයෙන් Google සමාගම වෙනස්කම් සිදු කර තිබෙනවා.

Incognito පරිශීලකයන්ගේ දත්ත මැකීම එක්සත් ජනපදයට පමණක් නොව ගෝලීය වශයෙන් අදාළ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Incognito හරහා බ්‍රවුසින් හිස්ටෝරි සුරැකෙන්නේ නැති නිසා එමගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වනවා.

ඒ අනුව මෙලෙසින් මෙම නඩුව නිරාකරණය කිරීමට හැකිවීම පිළිබඳව සමාගමක් වශයෙන් සතුටු වන බවයි Google සමාගම වැඩිදුරටත් සඳහන්
කරන්නේ.

Share This