ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ‘2005/2006 සිසුන්ගෙන්’ හෝමාගම රෝහලට පරිත්‍යාගයක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ‘2005/2006 සිසුන්ගෙන්’ හෝමාගම රෝහලට පරිත්‍යාගයක්

ඌව වෙල්ලස්ස විශ්ව ව්ද්‍යාලයේ ප්‍රථම(2005/2006) සිසුන් කණ්ඩායමේ දායකත්වයෙන් අසාධ්‍ය කොවිඩ් රෝගින්ගේ පෝෂණ කටයුතු සපුරා දීමට අවශ්‍ය වන නවීන Enteral Feeding Pump උපකරණයක් හා ඊට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගිය දා සිදු වුණා.

හෝමාගම කොවිඩ් දැඩි සත්කාර එකකයේ පරිහරණය සඳහා මේවා පරිත්‍යාග කළ අතර එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි , වෛද්‍ය නදීකා සන්දනායක , වෛද්‍ය අනුශ්කා දිසානායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ප්‍රථම (2005/2006) ශිෂ්‍ය කණ්ඩායමේ නියෝතයින් කීපදෙනෙකු ත් ඒ සඳහා එක්ව සිටියා.

Share This