ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා  (Aharon Haliva) ඉල්ලා අස්වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ධුරයෙන් ඉවත් වූ පළමු හමුදා නායකයා ඔහු බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම පිළිගත් බවත් ඔහුගේ සේවයට ස්තූතිවන්ත වන බවයි

Share This