අවසන් සටනේ දී කැන්ගරුවන්ට ලකුණු 241ක ඉලක්කයක්

අවසන් සටනේ දී කැන්ගරුවන්ට ලකුණු 241ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් ලබා ගත්තා

ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 241ක්

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා

එහිදී ඉන්දීය ඉනිම ශක්තිමත් කරමින් කේ එල් රාහුල් පන්දු 107කට මුහුණ දෙමින් ලකුණු 66ක් රැස් කළා

එමෙන්ම ඉන්දීය ඉනිමේ වැඩි අවධානයක් යොමු වූ විරාත් කෝලි පන්දු 63කට මුහුණ දෙමින් ලකුණු 54ක් ලබා ගත්තා

මීට අමතරව පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 3ක් දවා ගත්තා

Share This