අලුතින් පත් කළ ‘රථවාහන අංශයේ ස්ථානාධිපතිට’ දින දෙකෙන් මාරුවක් ? – ගම්පහ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමක්

අලුතින් පත් කළ ‘රථවාහන අංශයේ ස්ථානාධිපතිට’ දින දෙකෙන් මාරුවක් ? – ගම්පහ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමක්

තම අනුදැනුමකින් තොරව කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතින් නිලධාරියකු පත් කිරීම ගැන උරණ වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකු මැදිහත් වී එම නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි අද (21) පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

යක්කල පොලිසියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස කඩවත පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට මිට දින කිහිපයකට පෙර පත් කර තිබුණා.

එම නිලධාරියා රථවාහන පාඨමාලා හදාරා ඇති ඒ හා සම්බන්ධ නිපුණතාව නැති පුද්ගලයකු බවයි පොලිස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

මෙම පත්වීම දැනගත් දේශපාලනඥයා උප පොලිස් පරීක්ෂක කතා කර තම නොසතුට පළ කර තිබෙනවා.පසුව උප පොලිස් පරීක්ෂකවරයාව යළි යක්කල පොලිසියේ රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇත්තේ නව තනතුරේ වැඩ භාර ගෙන දින දෙකකට පසුව ය.

Share This