අමෙරිකාව රෆා ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයට නැවතත් අනතුරු අඟවයි

අමෙරිකාව රෆා ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයට නැවතත් අනතුරු අඟවයි

දකුණු ගාසා නගරයේ රෆාහි මිලිටරි මෙහෙයුම් සඳහා ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව අමෙරිකාවේ නිලධාරීන් නැවතත් ඔවුන්ගේ කනස්සල්ල පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ ගැන සැළකිලිමත්වීමට ඊශ්‍රායල අගමැතිගේ නියෝජිතයින් එකඟ වූ බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ.

ගාසා තීරයේ තවත් සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා රෆාහි විශාල ප්‍රහාරයක් දියත් නොකරන ලෙස අමෙරිකාව ඊශ්‍රායලයෙන් නැවත නැවතත් ඉල්ලා තිබෙනවා.

එක්සත් වූ පලස්තීන රාජ්‍යයකට පූර්ණ සාමාජිකත්වය ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් අමෙරිකාව නිෂේධ කිරීමටද කටයුතු කරඇති බවද සඳහන්.

Share This