අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු කාර්යමණ්ඩලය පුහුණුවට කැනඩාවේ බලධාරීන් සමග සාකච්ඡා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු කාර්යමණ්ඩලය පුහුණුවට කැනඩාවේ බලධාරීන් සමග සාකච්ඡා

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩල පුහුණුකිරීම සහ දැනුවත් කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගීත්වය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි අධ්‍යාපනඥයින්, කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලකයින් සහ පීඨ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා මෙම සාකච්ඡාව සිදුකොට තිබෙනවා.

මෙම අවස්ථාවට කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වැඩ බලන සභාපති ඇතුලු පිරිසක් එක්ව සිටි අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ද ඒ සඳහා සහභාගිවී තිබෙනවා.

Share This