වික්ටෝරියා වේල්ල අවට හුණුගල් කැණීම් තහනම්

වික්ටෝරියා වේල්ල අවට හුණුගල් කැණීම් තහනම්

වික්ටෝරියා වේල්ල අවට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ මීටර් 100ක් තුළ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන තුනක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එම කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ සුළු භූ චලනයන්ට හේතුව ලෙස ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

Share This