තාක්ෂණික දෝෂයකින් British Airways ගුවන් ගමන් රැසක් අවලංගුයි

තාක්ෂණික දෝෂයකින් British Airways ගුවන් ගමන් රැසක් අවලංගුයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අඛණ්ඩව දෙවන දිනටත් British Airways ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් 42ක් මෙලෙස අවලංගු කර ඇති අතර මගීන් 16,000ක් පමණ මේ හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

British Airways හි දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය හටගෙන තිබෙනවා.

අපහසුතාවයට පත් මගීන්ට වෙනත් ගුවන් ගමනක් නැවත වෙන් කරවාගැනීමට හෝ මුදල් ආපසු ඉල්ලා සිටීමට අවස්ථාව ලබා දී ඇති බවයි British Airways සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ගුවන් මගීන්ට සිදුව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් British Airways සමාව අයැද තිබෙනවා.

Share This