ඔත්තු බැලූනය හේතුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය කල් යයි

ඔත්තු බැලූනය හේතුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ චීන සංචාරය කල් යයි

චීන ඔත්තු බැලූනයක් මීට දින කිහිපයකට පෙර එක්සත් ජනපදය හරහා පියාසර කිරීමේ සිද්ධියක් නිරීක්ෂණය කිරීමෙන් පසු, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය චීන සංචාරය කල් දැමීමත් සමග දෙරට අතර යළිත් මතභේදාත්මක තත්වයක් උද්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් චීන ඔත්තු බැලුනය මෙලෙස එක්සත් ජනපදය හරහා නිරීක්ෂණයට ලක් කර ඇත්තේ කුමක්දැයි තවමත් නිශ්චිතව අනාවරණ වී නැහැ.

එමෙන්ම පෙන්ටගනය ඊයේ (03) පස්වරුවේ යළි දැනුම් දී ඇත්තේ ලතින් ඇමරිකානු කලාපයට ඉහළින් තවත් චීන ඔත්තු බැලූනයක් දක්නට ලැබුණු බවයි.

Share This