ඉන්දියානු කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 44කින් හමුවෙයි

ඉන්දියානු කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 44කින් හමුවෙයි

ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව විකෘති ප්‍රභේද කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් 44කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ, ඉන්දියාවේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම B.1.617 ප්‍රභේදය පළමුවෙන් හඳුනා ගෙන ඇති බවය.

සාම්පල 4,500කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ඉන්දීය ප්‍රභේදය රටවල් 44ක පැතිරී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඉන්දියාව හැරුණු කොට මෙම ප්‍රභ්දයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම B.1.617 ප්‍රභේදය සැලකිය යුතු ප්‍රභේදයක් (Variant of Concern) ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවල්වලින් හමුවූ ප්‍රභේද තුනට අමතරව ඉන්දියානු ප්‍රභේදය ද ලොව බරපතළ කොරෝනා වෛරස් ප්‍රභේද ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

 

Share This