යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 100ක් ජීවිතක්ෂයට

යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 100ක් ජීවිතක්ෂයට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරය හේතුවෙන් සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් මුදවා ගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.

යේමනයේ ක්‍රියාත්මක හවුති බලය සහිත රජයට එරෙහිව සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ල කරන අතර ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 10,000 පමණ පිරිසක් මේ වන විට මියගොස් තිබෙනවා.

 

 

 

Share This