යාපනයේ හෙක්ටෙයාර් 3054ක් වී වගා කිරීමට සූදානම්

යාපනයේ හෙක්ටෙයාර් 3054ක් වී වගා කිරීමට සූදානම්

යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054කට මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සූදානම් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (22) පෙරවරුවේ උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් වනජීවි අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර දැනට වනසංරක්ෂණ කළාපවලට අයත් එහෙත් මින් පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සළකා බැලීම එහිදී සිදු කර තිබෙනවා.

වනසංරක්ෂණ සීමාවලින් පිටත ඇති මෙම ඉඩම් කන්න කිහිපයක් වගා නොකරන ලද ඒවා වන අතර එම ඉඩම්වල කිසිදු ගොඩනැගිල්ලක් හෝ වෙනත් ඉදි කිරීමක් නොකර වගාව සඳහා ලබා දීමේ පදනම යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පමණක් එසේ හඳුනාගන්නා ලද ඉඩම් හෙක්ටෙයාර් 3054ක් පවතිනවා.

මේ හැර වනසංරක්ෂණ සීමා ආසන්නයේ තිබෙන එහෙත් කිසිදු ගසකට හානියක් නොවන අයුරින් මුංඇට, කව්පි, හා උඳු වැනි බෝගවර්ග වගා කිරීම සඳහා ද සුදුසු ඉඩම් හඳුනාගෙන ඒවා ද වගාව සඳහා ගොවි ජනතාවට ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කල බව සඳහන්.

එළඹෙන මහ කන්නයේ දී පළමුවෙන්ම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් යාපනය දිස්ත්‍රික්කයට ලබා දුන් බව කී අමාත්‍යවරයා මහ කන්නය අස්වනු සාර්ථක කර ගැනීම සඳහා උතුරේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් ..

“අපි මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර රුපියල් 10,000ක මුදලකට ලබා දෙනවා. එමෙන්ම තමන් කැමැති කාබනික පොහොරක් මිල දී ගැනීමට රුපියල් 20,000ක සහනාධාර මුදලක් ලබා දෙනවා. මියුරේට් ඔෆ් පොටෑෂ් නැතහොත් බණ්ඩි පොහොරත් මෙවර ලබා දෙනවා. ඒ මෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන යුරියා පොහොර හොණ්ඩර 375,000ක් නොමිලයේ ම ගොවි පවුල් 375,000කට ලබා දෙනවා. ඒ නිසා මහකන්නය සාර්ථක කර ගැනීමට අපිට සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා “

Share This