නීති විරෝධි මත්කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධි මත්කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අම්පාර ප්‍රදේශයේ දී නීති විරෝධි මත්කරල් තොගයක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහි දී බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටි PREGABALIN මත්කරල් 500 ක් සොයා ගෙන ඇති බව සඳහන්

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) කාර්තිව් – සමන්තුර ප්‍රධාන මාර්ගයේ, කාර්තිව් නාම පුවරුව අසල දී අදාළ වැටලීම සිදුකර තිබෙනවා

අත්අඩංගුවට ගත පුද්ගලයා තිස්සපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන අයෙක්

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා

Share This