දේශගුණික විපර්යාස නිසා සිදුවන ආදායම් අහිමි වීම ගැන අනාවරණයක්

දේශගුණික විපර්යාස නිසා සිදුවන ආදායම් අහිමි වීම ගැන අනාවරණයක්

දේශගුණික විපර්යාස නිසා ගෝලීය වශයෙන් සිදුවන වාර්ෂික හානිය 2050 වසර දක්වා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 38 ක් ලෙස ගණන් බලා ඇති බව ජර්මානු පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රබලම ආදායම් අඩුවීම් අත්විඳින කලාප ලෙස දකුණු ආසියාව සහ අප්‍රිකාව ලැයිස්තුගත කර ඇති බවයි එම ආයතනය පෙන්වාදෙන්නේ.

එම හානිය මූලික වශයෙන් සිදුවනු ඇත්තේ කෘෂිකාර්මික අස්වැන්න, ශ්‍රම ඵලදායිතාව හෝ යටිතල පහසුකම් කෙරෙහි ඇති වන බලපෑම් නිසා බව අදාළ අධ්‍යයනය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Share This