දකුණු යුක්‍රේනයේ රථ පෙළකට ප්‍රහාරයක් -23ක් මරුට

දකුණු යුක්‍රේනයේ රථ පෙළකට ප්‍රහාරයක් -23ක් මරුට

දකුණු යුක්‍රේනයේ රථ පෙළකට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාව විසින් අත්පත් කරගෙන ඇති Zaporizhia කලාපයේ වාහන පෙළකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා

රුසියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයට යාමට සහ ඥාතීන් බැලීමට මෙන්ම සැපයුම් බෙදා හැරීමට සූදානමින් මෙම රථ පෙළ සූදානම් වෙමින් සිටියදී ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This