චීනයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? සජිත් ප්‍රශ්න කරයි

චීනයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද? සජිත් ප්‍රශ්න කරයි

ගෝඨාභය රජයෙන් ගෙනා බාල පොහොර සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අද(06) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙනවා.

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම රාජ්‍ය හා කැබිනට් අමාත්‍යවරු වගකීම් පැහැර හැරීම නිසා මෙම මුදල් ලබා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් දැන් හෝ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව පියවර ගන්නේ කවදාද කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට අවසන් හෙයින් එය සභාගත කරන ලෙස යි.

තවද වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙනවා කිව්වත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ මෙම කන්නයේම ගනු ලබන පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

Share This