ගින්නෙන් වැනසෙන ‘නැවේ’ ගිනිගත් හේතුව හෙළිවේ – අතරමගදීත් දැන ඉඳලා

ගින්නෙන් වැනසෙන ‘නැවේ’ ගිනිගත් හේතුව හෙළිවේ – අතරමගදීත් දැන ඉඳලා

X-PRESS PEARL නැවේ ගින්නට හේතුව දුර්වල ඇසුරුම්කරණය බව විදෙස් වෙබ් අඩවියක් අනාවරණය කරනවා.

කොළඹ වරායට එපිට මුහුදේ ගිනි ගත් නැවේ ඇසිඩ් කාන්දුව සඳහා දුර්වල ඇසුරුම්කරණය හේතු වී ඇති බව X-Press Feeders හි විධායක සභාපති ටිම් හාර්ට්නෝල් එම වෙබ් අඩවියට සඳහන් කර තිබෙනවා.

සිංගප්පූරුවේ සිට අදහස් දක්වමින් ටිම් හාර්ට්නෝල් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එපිට මුහුදේ සිටියදී දුර්වල ඇසුරුම්කරණය නිසා ඇති වූ ඇසිඩ් කාන්දුව පිළිබඳව කාර්ය මණ්ඩලය විසින් හඳුනා ගෙන ඇති බවයි.

මීට පෙර වරායන් දෙකකට පිවිසීමේ අවස්ථාව ද නැවට අහිමි වී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පසුගිය නොවැම්බරයේ සමුද්‍ර රක්‍ෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙනු ලැබුවේ බහාලුම් සහිත භාණ්ඩ සම්බන්ධ ගින්නක් සාමාන්‍යයෙන් සති දෙකකට වරක් සිදු වන බවයි.

Share This