ගහක් යට ඉන්න රුපියල් 5000ක් ගෙවන්න වෙලා

ගහක් යට ඉන්න රුපියල් 5000ක් ගෙවන්න වෙලා

ස්වභාවධර්මය සමග සම්බන්ධ වීම වර්තමානයේ අපි එකිනෙකාගේ ජීවිතයේ ඇති පීඩනය අවම කරගැනීමට හැකි ප්‍රබල පිළියමක් වනවා. .

පර්යේෂණවලින් පෙනී යන්නේ ස්වභාවික වටපිටාවේ කාලය ගත කිරීමෙන් මානසික අවපීඩනය අඩු කර ගත හැකි අතර මනෝභාවය සහ ආත්ම අභිමානය වැඩි දියුණු කළ හැකි බවයි.

හරිත අවකාශයන් සමග සම්බන්ධවීමෙන් අවධානය වැඩි දියුණු කිරීමට සහ අභියෝගාත්මක හැඟීම් කළමනාකරණය කිරීමට උපකාරී වනවා.

කෙසේ වෙතත් බොහෝ නගරවාසීන්ට ස්වභාවධර්මය සමග නැවත සම්බන්ධවීමට කාලය සොයා ගැනීම සහ සන්සුන් පරිසරයක් සොයා ගැනීම අභියෝගයක්ව පවතින බව නොරහසක්.

ජපානයෙන් ආරම්භ වූ Shinrin Yoku සම්ප්‍රදාය නොහොත් වනාන්තරයේ කාලය ගත කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වන්නේ මේ හේතුව නිසයි.

Forest Bathing ලෙස සැළකෙන මෙය මගින් සංවේදී අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරමින් වනාන්තරය හරහා සෙමින් ඇවිදීම සිදු කරනු ලබනවා.

සාම්ප්‍රදායිකව, Forest Bathing තනියෙන්සිදුකර ගන්න ක්‍රියාකාරකමක්.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මෑත කාලීන අන්තර්ජාලය තුළ ව්‍යාප්ත වන ප්‍රවෘත්තියක් නිසා මෙය මතභේදයට තුඩු දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බැංගලෝර් හි සමාගමක් ඉන්දියානු රුපියල් 1,500කට එනම් ශ්‍රී ලංකා රුපියල් 5000කටත් වඩා අධික ගාස්තුවක් සඳහා මාර්ගෝපදේශක වනාන්තර අත්දැකීම් ලබා දීමට කටයුතු කරන බවට වෙළඳ දැන්වීමක් නිකුත් කර තිබෙනවා.

මේ පුවත ප්‍රචාරය කිරීමත් සමග සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එම ක්‍රියාවලිය විවේචනයට ලක් කරමින් සිටින බව සඳහන්.

සැමට නොමිලේ ලබාගත හැකි සොබාදහමේ නිර්මාණයන් වාණිජකරණය කිරීම බොහෝ දෙනා විවේචනය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This