එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට පත්වූ ශ්‍රී ලාංකිකයා

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට පත්වූ ශ්‍රී ලාංකිකයා

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) හි විධායක ලේකම්වරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත්වී තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන UNCDF හි විධායක ලේකම්වරයා ලෙස පත් වී ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ ප්‍රදීප් කුරුකුලසූරිය මහතායි.

ඔහු අමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලැබු ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් වන අතර මින් පෙර පාරසරික මූල්‍ය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විධායක සම්බන්ධීකාරක තනතුර ද දරා තිබෙනවා.

එහිදී ප්‍රදීප් කුරුකුලසූරිය මහතා විසින් රටවල් 140ක් පුරා අමෙරිකානු ඩොලර් මිලියන 5ක ස්වාභාවික, දේශගුණික සහ බලශක්ති මූල්‍ය එකතුවක්ද අධීක්ෂණය කර ඇති බව සඳහන්.

Share This