කොරෝනා නීති තවත් ලිහිල් වෙයි

කොරෝනා නීති තවත් ලිහිල් වෙයි

කොරෝනා සඳහා පනවා තිබු තවත් නීතියක් ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට කොරෝනා ප්‍රතිකාර සඳහා අනිවාර්යයෙන් රක්ෂණාවරණයක් තිබීමේ අවශ්‍යතාව ඉවත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

එසේම මුව ආවරණ අනිවාර්ය කරමින් පනවා තිබූ නීතියද පසුගියදා ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව ඊයේ(18) දිනයට කොරෝනා අසාදිත මරණ 01ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 09ක් ද වාර්තා වී තිබෙනවා.

Share This