ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍ර පුළුල් කිරීමට අවධානය

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් (Faisal F.Alibrahim) මහතා අද (27) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා

එහිදී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇති බව සඳහන්

එමෙන්ම එහිදී විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවයි සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පවසා ඇත්තේ

කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද ඔහු එහිදී සඳහන් කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව ද පවසා තිබෙනවා

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ

මීට අමතරව සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිලි කර ඇති අතර එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද ඔහු එහිදී අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමත්‍යවරයා දැනුවත් කළා

Share This