වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අඩුවෙයි

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අඩුවෙයි

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 898.0 දක්වා 14.6% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වෙනවා

එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක්.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන්.

එමෙන්ම 2023 ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,606,34ක් වනවා.

Share This