දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුර

දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (23) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක පිටුපස එම දිශාවටම ධාවනය වූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය ගැටී තිබෙනවා.

අනතුරින් ඇඟලුම් සේවිකාවක් සහ මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 25 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share This