ජනපති මල්වතු-අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (VIDEO)

ජනපති මල්වතු-අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ජනාධිපතිවරයා, මහනාහිමි සමග සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

 

 

Share This