ගංජා කාපු මීයෝ

ගංජා කාපු මීයෝ

අමෙරිකාවේ New Orleans පොලිස් දෙපාර්තමේන්තුවේ පැරණි මූලස්ථානය මීයන්ගෙන් පිරීගොස් ඇති අතර මීයන් රාජසන්තක කරන ලද ගංජා කා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1968 සිට මෙම පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල කැරපොත්තන්, මීයන්ගෙන් පිරීගොස් ඇති බවයි පොලිස් අධිකාරී ඈන් කිර්ක්පැට්‍රික් (Anne Kirkpatrick) පවසන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට ස්ථීර නව මූලස්ථානයක් සඳහා සැලසුම් සකස් කර ඇති අතර, ගංජා තොග මීයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උස් ගොඩනැගිල්ලක් නගර මධ්‍යයේ තාවකාලිකව ස්ථානගත කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

ගොඩනැගිල්ලේ ඇති අපිරිසිදු තත්ත්වය නිසා ගබඩා කර ඇති ගංජා මීයන් විසින් අනුභව කරන අතර ඒ නිසාම මීයන් සූර්වී සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.

මේ හේතුවෙන් සාක්ෂි ලෙස හමුවන ගංජා ගබඩා කිරීමට තාවකාලික නව ස්ථානයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය බවයි අමෙරිකාවේ New Orleans පොලිස් දෙපාර්තමේන්තුවේ බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

Share This