STF නිලධාරීන් ඇගයීමට ලක් කළ මහජන ආරක්ෂක ඇමති

STF නිලධාරීන් ඇගයීමට ලක් කළ මහජන ආරක්ෂක ඇමති

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදා ගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී මුදල් ත්‍යාග සහ සහ සහතික පත් ප්‍රදානය කර තිබෙනවා.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්. කේ. බී. එස්. එන් ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරි වී.ජී.ඩී.එස්. සමරනායක මහතා ඇතුළු නිලධාරීන් 09 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 750,000 ක් සහ පොලිස්පති ප්‍රශංසා 02ක් පිරිනමා ඇති බව සඳහන්.

පසුගියදා හංවැල්ල ජල්තර නිවාස සංකීර්ණය තුළ නිවසක පවුල් ආරවුලක් මත දරුවන්ගේ පියා විසින් සිය දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයක් පුපුරවා ගන්නා බවට තර්ජනය කර තිබුණා.

අනතුරුව සිද්ධිය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී සැකකරු විසින් ජීව අත්බෝම්බයේ ආරක්ෂිත අගුලු ඉවත් කර ඇති බව හඳුනාගෙන තිබූ බව සඳහන්.

ඒ අනුව සිය ජීවිත අවදානම ද නොතකමින් එම දරුවන් දෙදෙනා සමඟ සැකකරුවාව ද ආරක්ෂිතව බේරාගැනීමට එම නිලධාරීන් සමත් වී තිබුණා.

Share This