2024 ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකියි – දිලුම් අමුණුගම

2024 ආයෝජන ඉලක්කය වසර අවසන් වන විට තෙගුණ කළ හැකියි – දිලුම් අමුණුගම

2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවයි

එමෙන්ම, මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බැවින් එම ස්ථාවරත්වය රට තුළ තිබෙන බව තහවුරු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

මෙම වසරේ පළමු කාර්තුව වන විට මුදල් අමාත්‍යාංශය විසින් ලබා දුන් ආයෝජන ඉලක්කය සම්පූර්ණ කිරීමට අදාළ කටයුතු අවසන් කිරීමට හැකි වී ඇති බවත් ඒ අනුව ඩොලර් බිලියන 03කට වැඩි ආයෝජන ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඔහු මෙහිදී පේනවා දුන්නා

Share This