2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රීයේ දී එම ප්‍රතිඵල නිකුත් කර ඇති අතර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර තිබුණා.

ඒ අනුව පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක් කර ඇති බව සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This