සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ඉදිකිරීමට සැලසුම්

සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ඉදිකිරීමට සැලසුම්

සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ‍කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කර තිබෙනවා.

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඩිජිටල් යටිතල පහසුකම් ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවූ අස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පෙන්වාදී තිබෙනවා.

මෙහිදී දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතු බවටද යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This