සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් අද ID කාර්යාලය විවෘතයි

සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් අද ID කාර්යාලය විවෘතයි

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේත් විවෘතව පවතිනවා.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකළපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව පවතින බව සඳහන්.

මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් සිටී නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share This