සජිත් කතානායක හමුවෙද්දී අනුර කොමිසමට යයි

සජිත් කතානායක හමුවෙද්දී අනුර කොමිසමට යයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (28) කතානායකවරයා මුණගැසී තිබෙනවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායකවරයා අතර පැවති සාකච්චාවෙන් අනතුරුව යෝජනා වී ඇත්තේ 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීමට වෙන්කර ඇති මුදල්වලින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නිදහස් කිරීම පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටයි.

කතානායකවරයා ඊට සිය එකඟතාවය පළ කර තිබෙනවා.

ඉහත කටයුතු සිදුවන අතරතුර ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හමු වී තිබුණා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබෙනවා.

Share This