ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව උපායමාර්ගික සහයෝගීතාවයක් තහවුරු කරයි

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව උපායමාර්ගික සහයෝගීතාවයක් තහවුරු කරයි

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ එමිරේට්ස් ගුවන් සමාගම අතර උපායමාර්ගික සහයෝගීතාවක් තහවුරු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට එමිරේට්ස් හි වාණිජ බටහිර ආසියා සහ ඉන්දියන් සාගරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අහමඩ් කුරි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු විසින් එම ගිවිසුම අත්සන්කොට ඇති බව සඳහන්.

සිය ජාලය හරහා සංචාරක ගලා ඒම ඉහළ නැංවීමට එමිරේට්ස් හි කැපවීම අවධාරනය කරමින් මෙම උපායමාර්ගික සහයෝගීතාව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This