ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 41 දෙනෙකුගේ ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 41 දෙනෙකුගේ ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 41 දෙනෙකුගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ කණ්ඩායම් ලෙස කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින්ට නව ගිවිසුම් ලබා දෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ

එමෙන්ම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100% කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරෙන බව සඳහන්

මීට අමතරව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ පරාජය වීම මත ද ගෙවීම් ක්‍රමවේද වෙනස් වන අතර
එක්දින තරග සහ 20යි 20 ජාත්‍යන්තර තරග සඳහා 25% කින් ගෙවීම් ඉහළ දමා තිබෙනවා

අදාළ ක්‍රීඩකයින්ගෙන් ලැයිස්තුව පහතින්

Share This