ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා අධ්‍යාපනය සහිත සහයෝගීතාව වර්ධනය කරගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා අධ්‍යාපනය සහිත සහයෝගීතාව වර්ධනය කරගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළව ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එම ද්වීපාර්ශ්වික සාකච්ඡාව පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළකර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කොරියානු තානාපතිනිය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම සියලු කර්තව්‍යන් සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බවයි වැඩිදුර අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොරියානු තානාපති මියොන් ලී මහත්මිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

Share This