ශ්‍රී  ලංකාවේ අනාගතය න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වීමේ සූදානමක්

ශ්‍රී ලංකාවේ අනාගතය න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වීමේ සූදානමක්

න්‍යෂ්ටික ශක්තිය භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කණ්ඩායම් 09ක් පත්කර තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරුන් එකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට න්‍යෂ්ටික බලය විකල්පයක් ලෙස යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලැබී තිබෙනවා.

ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සකසන ලද ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනය ලබා දී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවටයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

Share This