විශ්‍රාමිකයන්ට සතුට ගෙනෙන පණිවුඩයක්

විශ්‍රාමිකයන්ට සතුට ගෙනෙන පණිවුඩයක්

2022 වසරේ දෙසැම්බර් මස දක්වා ගෙවීමට ඇති විශ්‍රාම පාරිතෝශික දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල රාජසිංහ විදුහලේ වර්ණ ප්‍රධානෝත්සවයට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එහි මීළග පියවර ලෙස 2023 වසරේ පෙබරවාරි දක්වා වන විශ්‍රාම පාරිතෝශික දීමනා ලබා දීමට ද රජය සූදානම් බවයි.

ආර්ථික අර්බුදය හමුවේ රජය දැඩි මූල්‍ය විනයක් සහ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යමින් වියදම් කිරීමේ ප්‍රමුඛතා අනුව මුදල් වැය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This