විභාග කොමසාරිස්ගෙන් සරසවි ආචාර්යවරුන්ට ස්තූතිය

විභාග කොමසාරිස්ගෙන් සරසවි ආචාර්යවරුන්ට ස්තූතිය

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් 12 කට අදාළ ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතා පවසනවා.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් ඉවත් වී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමෙන් පසු කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදෙන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම ඇගයීම් කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් එය සාර්ථක කර ගැනීම සඳහා සහය වන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතා ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ගෙන් ද ඉල්ලා ඇත්තේ.

Share This