විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට USAID සහය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට USAID සහය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම සම්බන්ධයෙන් බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් මහතා ඇතුළු එම ආයතනයේ කණ්ඩායම සමග හමුවක් අද (08) පැවැත්වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්යංශය සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි සති 8 තුළ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදු කිරීමට ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.

Share This