වැලිගම මුහුදේ නාන්න ගිය තරුණයෙක් මරුට

වැලිගම මුහුදේ නාන්න ගිය තරුණයෙක් මරුට

වැලිගම ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වැලිගම කොලේදණ්ඩ, ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.

කෙසේවෙතත් ඔහු සමග දිය නෑමට ගිය අනෙක් දෙදෙනා දිවි බේරාගැනීමට සමත් වී තිබෙනවා.

මියගිය තරුණයාගේ සිරුර හමුවී ඇති අතර වැලිගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This