වැලන්ටයින් දවසේ හොර අල්ලන්න ටෙඩී වගේ සැරසුණු පොලිස් නිලධාරියෙක් (VIDEO)

වැලන්ටයින් දවසේ හොර අල්ලන්න ටෙඩී වගේ සැරසුණු පොලිස් නිලධාරියෙක් (VIDEO)

වැලන්ටයින් දවසේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පේරු රාජ්‍යයේ පොලිස් නිලධාරියෙක් teddy bear කෙනෙකු ලෙසින් සැරසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පේරු හි ලීමා ප්‍රදේශයේ වැලන්ටයින් දිනයේ මෙහෙයුමක කොටසක් ලෙස ව්‍යාජ තෑග්ගක් ලෙසින් ටෙඩි බෙයාර් ඇඳුමකින් සැරසුණු පොලිස් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

පේරුහි national police agency සපයන ලද වීඩියෝවල දැක්වෙන්නේ එම නිවසේ සිටි එක් කාන්තාවක් පොලිසිය විසින් අල්ලා ගැනීමට පෙර නිවසින් පැන යාමට උත්සහ කරන ආකාරයයි.

එමෙන්ම නිවස තුළ මෙට්ටයක් යට තිබී මත්ද්‍රව්‍ය අඩංගු බෑගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

වැටලීම අවසානයේ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This