වසරේ වනජීවී ඡායාරූප ශිල්පී ජනතා සම්මානය Nima Sarikhaniට

වසරේ වනජීවී ඡායාරූප ශිල්පී ජනතා සම්මානය Nima Sarikhaniට

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පිනී Nima Sarikhani වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස ජනතා තේරීම සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ ඇය ඡායාරූප ගත කර තිබූ අයිස් කන්දක් මත නිදා ගෙන සිටින හිම වලසෙකුගේ ඡායාරූපයක් නිසාවෙන්.

Sarikhani ගේ විශ්මයජනක හා සිත් ඇදගන්නාසුළු ඡායාරූපය පෘථිවියේ සුන්දරත්වය දැකීමට අපට ඉඩ සලසන බවයි Natural History Museum අධ්‍යක්ෂ ආචාර්ය Douglas Gurr කියා සිටියේ.

මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා Nima Sarikhani විසින් දින තුනක් තිස්සේ වලසුන් නිරීක්ෂණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This