වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

නවගත්තේගම – තල්ගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සහෝදරයන් දෙදෙනෙකු සමග මී කැඩීම සඳහා තල්ගස්වැව වැව් ඉස්මත්ත කැලෑවට ගොස් සිටියදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔහු සමග සිටි අනෙක් දෙදෙනා දිව ගොස් දිවි බේරාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා 51 හැවිරිදි අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

Share This