ලෝක කුසලාන පිටිය වර්ණවත් කළ ‘ප්‍රංශයේ පාපන්දු වීරයා’ ජිවිතයෙන් සමු ගනී

ලෝක කුසලාන පිටිය වර්ණවත් කළ ‘ප්‍රංශයේ පාපන්දු වීරයා’ ජිවිතයෙන් සමු ගනී

එක් ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ගෝල සංඛ්‍යාවක් හිමිකරගත් ක්‍රීඩකයාගේ වාර්තාවට හිමිකම් කියන ජස්ට් ෆොන්ටේන් මිය ගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 89 දී වියේ පසු වුණා.

1953 සහ 1960 අතර කාලය තුළ ප්‍රංශය වෙනුවෙන් ක්‍රීඩා කළ ෆොන්ටේන් තරග 21කදී ගෝල 30ක් රැස් කර තිබුණා.

එමෙන්ම 1958 වසරේදී ස්වීඩනයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ද මනා දක්ෂතා පෙන්නුම් කළ ඔහු තරග 6 ක් දී ගෝල 13 ක් රැස් කළා.

ප්‍රංශ පාපන්දු සම්මේලනය ෆොන්ටේන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුව හදුන්වා තිබුණේ සදාකාලික ගෝල ලාභියා සහ ලෝක පාපන්දු ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසයි

ෆොන්ටේන්ගේ මරණය පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා ශෝකයට පත් කරන බවයි ප්‍රංශ කළමණාකරු ඩිඩියර් ඩෙෂාම්ප්ස් පැවසුවේ

Share This