ලෝක ඇදුම රෝග දිනය අදයි

ලෝක ඇදුම රෝග දිනය අදයි

ලෝක ඇදුම රෝග දිනය අදට (07) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඇදුම රෝගයෙන් පෙළෙන රෝගීන් සිටින ප්‍රධාන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බවයි ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට ජනගහනයෙන් 10% ත් 15ත් අතර පිරිසක් ඇදුම රෝගය නිසා පිඩා විඳින බව සඳහන්.

ඇදුම රෝගය නිසා කුඩා දරුවන්, ‍තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉතා විශාල මානසික සහ ශාරීරික අපහසුතාවයන්ට මුහුණ දෙනු ලබනවා.

නිසි ආකාරයට පාලනය නොකරන ලද ඇදුම රෝගය නිසා ඇතැම් විට මරණය පවා සිදුවිය හැකියි.

ඇදුම රෝගීන්ගෙන් 95% ක් පමණ සරල, ඉතා ලාභදායී ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත ඖෂධ මගින් පාලනය කිරීමේ හැකියාව පවතිනවා.

එහෙත්, අවාසනාවන්ත ලෙස වසරකට ලෝකය පුරා ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් ඇදුම රෝගය නිසා මිය යන බවයි වාර්තා වන්නේ.

මෙවර ඇදුම රෝග දිනය නිමිතිකරගෙන දැනුවත් කිරීමේ වැඩසටහනන් ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This