මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට තර්ජනයක් (VIDEO)

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට තර්ජනයක් (VIDEO)

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට ඊයේ (28) කිසියම් පුද්ගලයකු විසින් තර්ජන එල්ල කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව අදාළ තර්ජනයට ලක්වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ් මහතා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වන විට ඒ මහතාගේ නිවසට පොලිස් ආරක්‍ෂාව ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

අදාළ පුද්ගලයා දුරකථනයෙන් අමතා මොහොමඩ් මහතාගෙන් ඉල්ලා අස්වෙන්නේ නැද්දැයි විමසා ඇති අතර පසුව වට්අප් පණීවුඩයක් යොමු කර තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදී මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් තර්ජනය කර තිබුණා.

ඒ අනුව තර්ජනයට ලක්වී තිබුණේ එම්.පී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ යන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනායි.

Share This